ඇල්කොබ්‍රොන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් නවලෝක හෝල්ඩින්ස් කළමනාකරණය යටතට

Jayantha-Dharmadasa.jpg

ඇල්කොබ්‍රොන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් අද වන විට වඩු කර්මාන්තය (Wood Working), ලෝහ කර්මාන්තය (Metal Working), පරිසරය සුරැකීමේ යන්ත්‍ර සූත්‍ර (Utility Supporting Equipment) සහ බර ද්‍රව්‍යයන් හැසිරවීමේ යන්ත්‍රෝපකරණ (Material Handling Equipment), ලංකාවට ආනයනය කර බෙදාහරින සහ දේශීයව නිපදවන විශාලතම ආයතනයක් බවට පාරිභෝගිකයින් අතර නම් දරා ඇත්තේ අවුරුදු 40 කට වැඩි අත්දැකීමක් සමගිනි.

නවලෝක හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇල්කොබ්‍රොන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් වත්මන් සභාපති තුමා වන ජයන්ත ධර්මදාස මහතා පවසන ආකාරයට ඇල්කොබ්‍රොන්ස් යනු ප්‍රමුඛතම යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයා පමණක් නොව, අලෙවියෙන් පසු සුපිරි සේවාව සඳහා ද ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන ඇති සමාගමක් බවය. තවද නවලෝක හෝල්ඩින්ස් හරහා ඔවුන් ලද අත්දැකීම් හා ශක්තීන් එකතු කර ගනිමින් අලෙවියෙන් පසු පාරිභෝගිකයන්ට ලබාදෙන සේවාව සමගින් අමතර කොටස් ලබාදීම උසස් අන්දමින් වැඩි දියුණු කර දිවයින පුරා බෙදාහැරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසා සිටියේය.

සභාපතිතුමාගේ මග පෙන්වීම යටතේ ප්‍රධාන විධායක නිළධාරී / අධ්‍යක්‍ෂක චන්දුල පෙරේරා මහතා සහ අධ්‍යක්ෂිකා ගිවන්ති ධර්මදාස යන අයගේ විශේෂ අධීක්ෂණය යටතේ ඇල්කොබ්‍රොන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය ඉංජිනේරු කර්මාන්තය සඳහා ද අවතීර්ණය වෙමින් ඔවුන්ගේ අවශ්‍යතාවය සඳහා බහුකාර්‍යය සැපයුම්කරුවෙකු ලෙස ද ක්ෂේත්‍රයට සම්බන්ධ වී ඇත.

ක්ෂේත්‍රයේ පුළුල් දැනුම හා අත්දැකීම් වලින් සපිරි විශේෂ පුහුණුවක් ලද කාර්‍යය මණ්ඩලයක් ද සේවයේ නියුතුව සිටී. මේ සමග එම ආයතනය යුරෝපය, තායිවානය, චීනය, සහ තවත් කාර්මික රටවල් වලින් උසස් තත්වයේ නිෂ්පාදන ආනයනය සඳහාද කීර්තියක් දරා ඇත.

ඇල්කොබ්‍රොන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් චීනයෙන් ආනයනය කරන ප්‍රධාන නිෂ්පාදන අතරින් එකකි “පවර්ටෙක්” වෙළඳ නාමය යටතේ නිපදවන බලවේග යන්ත්‍රෝපකරණ. ජව ආයුධ (Power Tools), දියෙහි ගිල්වන වතුර පොම්ප (Submersible Pumps), අධි පීඩන සෝදන යන්ත්‍ර (High Preassure Cleaners), වායු පීඩන යන්ත්‍ර (Air Compressors), මෙන්ම වඩු සහ ලෝහ කර්මාන්තයට අවශ්‍ය වන උපාංග (Accessories) එම ආයතනය මගින් ආනයනය කර “පවර්ටෙක්” වෙළඳ නාමය යටතේ වෙළඳපොළට බෙදාහරිනු ලැබේ. දිවයින පුරා විසිරි සිටින 300 කට අධික අලෙවි නියෝජිතයින් පිරිසකගේ සහය ඇතිව දැනට වසර 16ක් පමණ බෙදාහැරීමේ කටයුතු සිදු කරනු ලබයි.

නිෂ්පානද සහ සේවා මට්ටම තව දුරටත් වැඩි දියුණු කිරීම ඔවුන්ගේ අරමුණ බවත්, තවත් නව නිෂ්පාදන සමගින් පාරිභෝගික සේවා සපයන ප්‍රදර්ශනාගාර වැඩි කරමින් ඒවා නවීකරණය කිරීමට සැලසුම් ඇති බව හා දේශීය නිෂ්පාදන අපනයනය කිරීමේ ඉලක්කයක්ද ඔවුන් සතුව ඇති බවත් ඇල්කොබ්‍රොන්ස් ප්‍රධාන විධායක / අධ්‍යක්‍ෂක චන්දුල පෙරේරා මහතා පැවසුවේ ය. එසේම පාරිභෝගිකයින්ට වැඩි පහසුව සඳහා ඔවුන්ගේ වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි බවත් ඔහු තවදුරටත් පැවසුවේය.

scroll to top