ඇමරිකාවේ රෝහල්වලට ලංකාවේ සාත්තු සේවිකාවන් 30,000කට අැබෑර්තු

Slbfe.jpg

ඇමරිකා එක්සත් ජනපදයේ රෝහල් සඳහා ශ‍්‍රී ලාංකීය සාත්තු සේවිකාවන් බඳවා ගැනීම සඳහා වූ ගිවිසුමක් (MOU) ඊයේ දින (2016.05.04) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්සන් කරන ලදී. කාර්යාංශය හා ඇමරිකානු රජයේ ලියාපදිංචි විදේශ ශ‍්‍රමිකයින් බඳවා ගැනීමේ ආයතනයක් වන ”කර්ම” සේවා ආයතනය මෙම ගිවිසුමට එළඹිණි. කාර්යාංශය වෙනුවෙන් සභාපති ආර්. කේ. ඔබේසේකර මහතා හා කර්ම සේවා ආයතනය වෙනුවෙන් එහි ප‍්‍රධාන විධායක නිළධාරී Isaac Ullatil මහතා මෙම ගිවිසුමට අත්සන් කළහ.

මෙම ගිවිසුම අවුරුදු 5කට වලංගු වන අතර 30,000 කට අධික රැුකියා ප‍්‍රමාණයක් ඇත. මෙසේ රැුකියාවට යොමුවන සාත්තු සේවිකාවන් සඳහා රැුකියා ගිවිසුම් කාලය වසර 3කි.

මෙම අවස්ථාවට කාර්යාංශයේ කි‍්‍රයාකාරී අධ්‍යක්‍ෂක නීතීඥ උපුල් දේශපි‍්‍රය, අතිරේක සාමාන්‍යාධිකාරී ඩබ්. එම්. වී. වන්සේකර, කර්ම ආයතනයේ නියෝජිත ගාමිනි ගුණරත්න යන මහත්වරුන්ද එක්වූහ.

ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව පිරිස විදේශ රැුකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය හා අමාත්‍යංශයේ ලේකම් ජී. එස්. විතානගේ මහතා හමුවූහ. එහිදී අමාත්‍යවරිය සඳහන් කළේ මෙසේ ප‍්‍රථම වරට බටහිර රටක රැුකියා අවස්ථාවන් ලාංකිකයින්ට විවර වීම මහ`ගු අවස්ථාවක් බවයි. ඊට අමතරව හෙද නිළධාරීන් බඳවා ගැනීමේ ක‍්‍රමවේදය, පුහුණු කිරීම් කටයුතු යනාදිය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡුා කළහ. මේ යටතේ පළමු කණ්ඩායම ඉතා ඉක්මණින් බඳවා ගැනීමටත්, කාර්යාංශය ම`ගින් පවත්වාගෙන යනු ලබන පුහුනු මධ්‍යස්ථානයක පුහුණුවීම් කටයුතු සිදුකිරීමටත් තීරණය කෙරිණි.

blob:http%3A//www.icc-cricket.com/b150cb0f-8f14-4f8c-9c74-a6add883628c

scroll to top