ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ රාජකාරි කල ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සිය ධූරයෙන් නික්ම යයි

Army3-1.jpg

පසුගිය ජුනි මස 29 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස සිය ධූරයේ රාජකාරී භාරගත් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද (21) සිය ධූරයෙන් නික්ම ගියේය.

වසර 37 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවයකට උරුමකම් කියන ජෙනරාල් ද සිල්වා මහතා දෙවන ලුතිතන් වරයෙක් ලෙස 1981 ජුලි මස 18 වන දින 1 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අනුයුක්තව සිය රාජකාරී ඇරඹූහ. 2015 වර්ෂයේ පෙබරවාරි මස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 21 වන යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ඒ මහතා පත් විය.

අද (21) සිය ධූරයෙන් නික්ම යන ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාට ත්‍රිවිධ හමුදා සම්මාන මුරයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පිරිනමන ලදී. එම සම්මාන මුරය පිළිගැනීමෙන් පසු නික්ම යන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත ගොස් ක්‍රියාන්විත රාජකාරී වලදී රටදැය සමය වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කල රණවිරුවන් හට පු‍ෂ්පෝපහාර දක්වමින් වසර 37 කට අධික කීර්තිමත් හමුදා සේවයෙන් අද දින සිට විශ්‍රාම ගන්නා ලදී.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සමග සෙසු නිලයින් පිරිසක් සහභාගී වන ලදී.

scroll to top