ආනන්දීයන්ගේ වසර 130 ක සැමරුම පැල්වත්ත කිරි සවිබල ගන්වයි

Ananda-College-Palawatte-Milk.jpg

අවුරුදු 130ක් පුරාවට සිසුන් හට අධ්‍යාපනය ලබා දීම සැමරීමට කොළඹ ආනන්ද විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ පා ගමන හා සැණකෙළිය සඳහා ශ්‍රී ලංකාවේ 100%ක් දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම විසින් අනුග්‍රහය දක්වන ලදී.

මෙම පා ගමන ආනන්ද විද්‍යාලයෙන් ආරම්හ වූ අතර ග්‍රීන් පාත් හි දී අවසන් විය. එයින් ලැබෙන අරමුදල් ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනික සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා යෙදවීමට කටයුතු යොදා ඇත. එදින මෙම උත්සවය සඳහා විද්‍යාලයීය විදුහල්පති එස්. එම්. කීර්තිරත්න, උප විදුහල්පති, ගුරුවරුන්, ශිෂ්‍යයින් මෙන්ම ආදී ශිෂ්‍යයින් ද සහභාගී විය. භාතිය, සන්තුෂ්, උමාරියා, ශානුක සහ ලහිරු මෙදින සංගීතයෙන් පිනවීය.

5,000 කට අධික පිරිසක් සහභාගී වූ මෙම කටයුත්ත සඳහා ප්‍රධාන අනුග්‍රාහකයින් වුයේ පැල්වත්ත කිරි සමාගමය. පැල්වත්ත අයිස් ක්‍රීම් යොදා සැකසූ Chocolate Swirl Sundaes, Caramel Vanilla Sundaes හා Fruit Cocktail Sundaes පැමිණෙන්නන් අතර වඩාත් ජනප්‍රිය විය. ඔවුන්ගේ කණ්ඩායම දේශීය වශයෙන් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තයේ ගුණාත්මක බවින් ඉහළ මට්ටමක පවතින දේශීය කිරි නිෂ්පාදන මිලදී ගැනීමේ වැදගත්කම ගැන අමුත්තන් දැනුවත් කිරීම ද මෙහිදී සිදුවිය.

පැල්වත්ත කිරිපිටි සඳහා මහජනතාව වෙත ළඟා වීමට සහ දේශීයව නිපදවන කිරි නිෂ්පාදන 100% ක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙය හොඳ අවස්ථාවක් බවත් ආනන්ද විද්‍යාලය අධ්‍යාපනයෙන් පොහොසත් කීර්තිමත් ඉතිහාසයකින් යුතු පාසලක් නිසා ඒ හා එක්වීම ඔවුන් ලද භාග්‍යයක් ලෙසත් පැලවත්ත කිරිපිටි සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ අක්මාල් වික්‍රමනායක මහතා පැවසීය.

scroll to top