ආණ්ඩුවේ මෑත කාලීන සමහර තීන්දු ගැන කිසිදු සතුටක් නෑ

Dauldena-Thero.jpg

නොවැ 25, 2014 (විමසුම) – උතුරු පළාත් සභා ක්‍රමයටත්, කැසිනෝ ඇතුළු සැළසුම් විරහිත, රටට විනකරන ආණ්ඩුව ගත් මෑත කාලීන සමහර තීන්දු තීරණවලට කිසිදු සතුටක් නැති බව අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක දවුල්දෙණ ඥාණිස්සර නාහිමියෝ අවධාරණය කරති.

25.11.2014 cr 2

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද උදෑසන උන් වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කෙරිණ.

මහ නාහිමිවරුන්ට දේශපාලනය වැදගත් නොවන බවත්, එහෙත් සමස්ථ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා බෞද්ධ ප්‍රතිපත්තියක් සහිත ආදර්ශමත් දේශපාලන චරිත හා කණ්ඩායම් මේ රටට අද අත්‍යාවශ්‍ය බවත් උන් වහන්සේ පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවේදී ජාතික හෙළ උරුමය විසින් රජයට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය යෝජනාවලිය මහ නාහිමිපාණන්ට පිළිගැන්වීය.

අනතුරුව, උන්වහන්සේව දැනුවත් කළ චම්පික රණවක මහතා සඳහන් කර සිටියේ ජාතික හෙළ උරුමයේ උත්සාහය සහ කැපවීම යහපාලනයක් උදෙසා රට ගමන් කරවීම බවයි.

ඒ වෙනුවෙන් ඉදිරිපත් වන ඕනෑම අභියෝගයකට තමන් ඇතුළු කණ්ඩායම මුහුණ දීමට සූදානම් බවත් මහා සංඝරත්නය ප්‍රමුඛ බෞද්ධ බැතිමතුන්ගේ ආශිර්වාදය තමන්ට හිමි බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

සියළු කතාබහ අවසානයේ විනාඩි 15ක කාලයක් චම්පික මහතාගේ අත අල්ලාගෙන ආශිර්වාද කිරීමටද මහ නාහිමියන් කටයුතු කිරීම එම අවස්ථාවට වැඩමකළ මහා සංඝරත්නය සහ ගිහියන්ට දැකගත හැකි විය.

– දවුල්දෙණ මහ නාහිමි

scroll to top