අයවැය සහන පනත ප්‍රෝඩාකාරීයී, අන්තරෙන් ජනතාව දැනුම්වත් කරයි

wasantha-samarasinghe.jpg

රු. 2500 ක් ලබාදෙන බවට හවුල් ආණ්ඩුව කරන ප‍්‍රකාශය බොරුවක් වී ඇති බවත් ආණ්ඩුව ව්‍යාපාරිකයන් සමග කුමන්ත‍්‍රණය කරමින් වැඩකරන ජනතාව රවටමින් සිටින බවත් ඊට එරෙහිව සාධාරණ වැටුපක් දිනා ගැනීම වෙනුවෙන් දැවැන්ත අරගලයක් දියත් කරන බවත් අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් ඊයේ දින (10) කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට අත්පත‍්‍රිකාවක් බෙදාහැරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

2015 වර්ෂයේදී පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවගේ වැටුප අවම වශයෙන් රු. 5000/=කින්් ඉහල දැමිය යුතු බවට අන්තර් සමාගම් සේවක සංගමය ඇතුලූ මෙරට පෞද්ගලික අංශයේ සියලූ වෘත්තීය සමිති බලපෑම් කරන ලද බවත් එම බලපෑම් හමුවේ ජනතාව ඉදිරියේ හවුල් ආණ්ඩුව පොරොන්දු දී කියා සිටියේ පෞද්ගලික අංශයේ සේවක වැටුප රු.2500/=කින් වැඩිකර දීමට බවත් පසුගිය ජනවාරි මාසයේ අතුරු අය-වැය වාර්තාවක් ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා පැහැදිලිවම රු.2500/=ක් පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි කර ගැනීම සඳහා සමාගම් හිමියන්ගෙන් ඉල්ලා සිටින බව පැවසූ බවත් නමුත් 2500/=න් 1500/=ක මුදලක් 2015 වර්ෂයේ මැයි මාසයේ සිට ද ඉතිරි රු. 1000/=ක මුදල 2016 වර්ෂයේ දී දෙන බවට හවුල් ආණ්ඩුව ප‍්‍රකාශ කරමින් සේවකයන් මුළා කොට ඇති බවද ඔහු මෙහිදී පැවසීය.

රු. 2500/=වැටුප් වැඩිකිරීමේ යෝජනාව දෙකට කැඩූ ආණ්ඩුව එම දෙකට කැඩූ යෝජනාව නීතිගත කිරීමට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇති බවත් එම පනත් කෙටුම්පත ද ‘‘කොලේ වසා’’ ගසන ‘‘ඩබල් ගේමක් බවද මෙහිදී වසන්ත සමරසිංහ මහතා පැවසීය.

මෙම පත‍්‍රිකා බෙදා හැරීමේ අවස්ථාව සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් නීතීඥ ජානක අධිකාරී, භාණ්ඩාගාරික පියදාස ගමගේ ඇතුළු වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙකු සහභාගී විය.

scroll to top