අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය අතර සාකච්ඡාවක්

Harsha-1.jpg

ඕස්ට්‍රේලියානු රජය විසින් කර තිබෙන ආරාධනාවකට අනුව විශේෂ ආරාධිතයෙකු ලෙස එරට නිළ සංචාරයක නිරත වන විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය වන ජුලියා බිෂොප් මහත්මිය අද (29) කැන්බරා නුවරදී සාකච්ඡාවක් සිදුකරන ලදී.

මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරුන් දෙදෙනා ඉන්දීය සාගර කළාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ අතර මාතෘකා කිහිපයක් පිළිබඳව පුළුල් සාකච්ඡාවක නිරත විය.

මීට අමතරව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී සිදුකළ ඕස්ට්‍රේලියානු සංචාරයේදී ඇතිකර ගැනීමට එකඟවූ ගිවිසුම්වල ප්‍රගතිය පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කළේය.

scroll to top