අබුඩාබියේ රැදී සිටින විගමණික ශ්‍රමිකයින්ගේ සුවදුක් බැලීමට විදේශ රැකියා ඇමතිනිය එක් වෙයි..

Thalatha-8.jpg

අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය මේ දින වල (2017-09-13) වන දින සිට) අබුඩාබි රාජ්‍යයේ සංචාරයක නිරත වන අතර ඊයේ දිනයේදී (2017-09-14) අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ කි්‍රයාත්මක වන සුරක්ෂා නිවාසයෙහි රැ`දී සිටින විගමණික ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා සහ සුවදුක් බැලීමට එක් විය.

මෙහිදී අමාත්‍යතුමිය මෙම ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කරන කි්‍රයාමාර්ග කඩිනමින් ගන්නා ලෙස තානාපති කාර්යාල නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.එසේම සුරක්ෂා නිවාසයෙහි රැ`දී සිටින ශ්‍රමිකයින් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් උපරිමයෙන් ලබා දීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන ලෙසත් තානාපති කාර්යාල නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

මෙම අවස්ථාවට අබුඩාබි ශ්‍රී ලංකා තානාපති එස්.ෙජ්.මොහිදීන්, අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවන ලේකම් පී.එම්.අයි උත්පලා, අමාත්‍යංශ උපදේශිකා පද්මිණී රත්නායක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික එම්.එස් ෆනූර්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික එම්.අර්ෂාඩ්, සම්බන්ධිකරණ ලේකම් ඉන්ද්‍රජිත් විෙජ්සූරිය, සම්බන්ධිකරණ ලේකම් උපාලි හතලහවත්ත යන මහත්ම මහත්මීන් එක් වූහ.

scroll to top