අපේ පුද්ගලික අංශය කොයිබටද ?

LBR-LBO ප්‍රධාන විධායක නිළධාරීන්ගේ 50 වන කථිකාව මෙන්න

වත්මන් ආර්ථික උපාය මාර්ග තුළ ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ගමන් මග පිළිබඳව ගැඹුරු කථිකාවක් ඊයේ රාත්‍රීයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සංවිධානය කර තිබුණා.

මෙරට ප්‍රමුඛම ව්‍යාපාරික පුවත් සේවා වන “ලංකා බිස්නස් ඔන්ලයින්“ සහ “ලංකා බිස්නස් රිපෝර්ට්“ විසින් මෙම කථිකාව සංවිධාන කර තිබුණේ සිය 50 වන ව්‍යාපාරික සමුළුව ලෙසයි.

මේ සඳහා මෙරට පුද්ගලික අංශයේ උසස් නිළධාරීන් රැසක් සහභාගී වී සිටි අතර කථිකාවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වූයේ ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධානී, සුරේෂ් ෂා මහතායි.

කථිකාව මහාචාර්ය රොහාන් සමජීව මහතා විසින් මෙහෙයවනු ලැබුවා.

scroll to top