අපි දේශපාලන වාසි ගන්න ආගම භාවිතා කරන්නේ නෑ…

Thalatha.jpg

ජනාධිපතිතුමා නිරන්තරයෙන් මහනායක ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මත මේ රට යහපත් මාර්ගයක ගෙනියන බවත්, දේශපාලන වාසි ලබාගැනීමට හෝ දේශපාලනික බංකොලොත්බව නැතිකරගැනීම සඳහා රජය ආගම භාවිතා නොකරන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, —වැවිලි සවියෙන් – තවත් සවියක්˜ වැඩසටහන යටතේ පසුගිය ගංවතුර හා නාය යාම් වැනි ආපදා හේතුවෙන් වගා හානි වූ රත්නපුර දිස්ති්‍රක්කයේ තේ ගොවීන් 600 ක් වෙත රුපියල් මිලියන 112ක සහනාධාර චෙක්පත් ඛෙදාදීම අවස්ථාවට 2017.10.26 දින රත්නපුර පළාත්සභා ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය, —පහුගිය කාලේ නාස්තිය, දූෂණය නිසා ඇතිවුණ ණය බරක් මේ රටේ තියෙනවා. අද ගොඩක් අයට ඒ දේවල් අමතක වෙලා තියෙනවා. අපිට ඒ දේවල් මතක් කරන්න වෙලා තියෙන්නේ අවුරුදු දෙකක් ගියත් ආණ්ඩුව මොකක්ද කරන්නේ කියලා අහන නිසා. මොකක්ද කලේ කියලා අහන එකට. මෛති්‍රපාල සිරිසේන මහතා ජනවාරි 08 වෙනිදා පොරොන්දුවක් දුන්නා අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකරනවා කියලා.

ජනාධිපති යටතේ නීතිපති දෙපාර්තමේන්තුව තියාගෙන හිටියා. අද නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනව වැඩ කරනවා. අද උදේට විනිසුරුවරුන්ට කතාකරලා මේ නඩු තීන්දුව මෙහෙම ලියන්න ඕනි කියන්න ජනාධිපතිවරයෙක් නෑ. පහුගිය කාලේ අධිකරණය මෙහෙයවපු හැටි අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.
අනිත් එක මාධ්‍ය නිදහස. අහිංසක මාධ්‍යවේදීන් උස්සගෙන ගිහින් ඝාතනය කරපු කාලයක් තිබුණා. තමන්ට අකමැති දේ ලිව්වා නම් ඒ මනුස්සයා රෑට අතුරුදන් වෙනවා. නැත්නම් ගෙදරට හරි ගහනවා. ලසන්න වික්‍රමතුංග මැරුවේ උදේ 8.30ට. මහ පාරේ වෙඩි තියලා. උල් ආයුධවලින් ඇණලා. කීත් නොයෙර්ලා, උපාලි තෙන්නකෝන්ලා රට අතඇරලා ගිහිල්ලා අදටත් බයේ ඉන්නවා මේ රටට එන්න. මාධ්‍ය නිදහස එදා තිබුණේ නෑ. පොලිස් දෙපාර්තමේන්තුව ගැන මම කතාකරන්නේ නෑ. රත්නපුර පළාතේත් හිටියා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. මොනතරම් දේශපාලන බලයක් අතට අරන් ඔහු මැරකම් කළාද කියලා අද මුළු රටම දන්නවා. තංගල්ලෙදි සුද්දෙක් මරපු ප්‍රාදේශීය දේශපාලඥයෙක් අත්අඩංගුවට ගන්න යද්දි ඒ පොලිස් නිළධාරියගේ පුටුවේ එයා වාඩිවෙලා ඉන්නවා. පොලිස් නිළධාරියා හිටගෙන ඉන්නවා. අද මොනම විදිහකට හරි දේශපාලන අධිකාරිය රාජ්‍ය සේවයට ඇගිලි ගහන්නේ නෑ. ගරු ජනාධිපතිතුමා කිව්ව විදිහටම පොලිස් කොමිෂන් සභාව පිහිටුවලා නිදහස් පොලිස් සේවයක් රටේ ඇති කරලා තියෙනවා. අද ඒ අයට ස්වාධීනව වැඩකරගෙන යන්න අවස්ථාව දීලා තියෙනවා. නමුත් ඇතමුන් තාමත් උත්සහ කරනවා මේවා ඇතුලේ දේශපාලනය කරන්න.˜ ලෙස සඳහන් කළාය.

අමාත්‍යතුමිය වැඩිදුරටත් අදහස් දක්වමින් —පහුගිය දවස්වල සමෘද්ධි නිළධාරීන් ලොකු අවුලක් රටේ ඇතිකළා. සමීක්ෂණයක් කරන්න දුන්නම තමන්ගේ හිතවත් පක්ෂයේ අයගේ පෝරමය ඒ අය පිරෙව්වා. තුන්වේල කනවද නෑ. විදේශ රැකියා කරනවද නෑ. සමෘද්ධිය ලැඛෙන විදිහට ඒ දේවල් පුරවලා තිබුණා. යු.එන්.පි කාරයගේ ජනතා විමුක්ති පෙරමුණේ අයගේ ෆෝම් ගෙදර ගිහින් පුරවන්න කිව්වා අපේ මිනිස්සු ඇත්තම දැම්මා. සමෘද්ධිය කපනවා කියලා උද්ඝෝෂණ කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැටලූවා. ක්ෂේත්‍ර නිළධාරීන්ට ඡන්දය ඉල්ලන්න බෑ කියලා පනත සංශෝධනය වුණාට පස්සේ ඔක්කොම හුලං බැස්සා.

හිටපු ජනාධිපති ලේකම්වරයෙක්ට සිරදඩුවම් නියම වුණා. දේශපාලන බලපෑම් නිසා අනවශ්‍ය දේවල් කරන්න ගිහිල්ලා. අද මේ දේවල් ඔක්කොම වෙනස් වෙලා තියනවා. අද යහපාලනය ඇතිවෙලා තියෙනවා. අද කිසිකෙනෙක් කතා කරන්නේ නෑ අපි රටක් හැටියට මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්නේ කොහොමද කියලා. රටට ඔිනි මුදල් ණය හැටියට ගන්නවා. ආධාර හැටියට ගන්නවා එහෙම නැත්නම් බදු හැටියට ගන්නවා. එහෙම දේවල් කළාම තමයි මේ රටට ආදායම් ලැඛෙන්නේ.

අද මොන ප්‍රශ්නේ ආවත් කිසිම කෙනෙක් තමන් කරගෙන යන වැඩ නතර කරලා නෑ. අපිට හිටිය නිවාස ඇමති කෙනෙක් ඔළුවේ ගාන ජෙල් එකේ ගාණයි, අඳින ෂර්ට් එකේ ගාණයි අපි මැතිවරණවල කතාකළා. හැබැයි කතාකරන්නේ සමාජවාදය. විමල් වීරවංශ හිටපු නිවාස ඇමතිතුමා රත්නපුර හදපු නිවාස ගණන කීයද. සජීත් ප්‍රේමදාස මහත්තයා කි්‍රයාත්මක කරන නිවාස වැඩසටහන් තුනක් මේ වන විට මේ දිස්ති්‍රක්කයේ කි්‍රයාත්මක වෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ ඉඩම් නැතිඑක.

ඉඩම් ඇමතිතුමා අවුරුදු ගණනක් ඉඩම් හිමිකාරිත්වය නොතිබුණ අයට ඉඩම් ලබාදෙන්න කටයුතු කරනවා. මේ හැම වැඩක්ම පිටිපස්සේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඉන්නවා. බලපෑම් කරන්න අවශ්‍ය නෑ. ඒ දෙපල හැම වෙලේම මේ රටේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා. බොහොම විවෘත බවකින් වැඩකරන නිසා ඇමති කෙනෙක්ට චෝදනාවක් ආවත් ඒ ගැන ඒ කාලයේදීම කටයුතු කරනවා. පහුගිය කාලේ අල්ලස් කොමිසමට ඇමති කෙනෙක්ට හරි මන්ති්‍ර කෙනෙක්ට හරි චෝදනාවක් ආවම එයාව ණයා කෑවා. අද එහෙම දෙයක් නෑ. අද ඕනිම කෙනෙක්ට පැමිණිල්ලක් කරන්න පුළුවන් ඒ පැමිණිල්ල විභාග කරන්න පුළුවන්. අපි ඕනිම කෙනක් සූදානම් දඩුවම් ලබන්න.

ඇතැම් අය තේරුම් නොගන්න දෙයක් තමයි සමෘද්ධිය හරහා දුප්පත්කම පවත්වගෙන ගියාම සහනාධාර හරහා දුප්පත්කම පවත්වගෙන ගියාම සියළු දෙනාටම සදාකාලිකවම දේශපාලඥයා පස්සෙන් යන්න වෙනවා. සමහර අය ඒකෙන් ගැලවෙන්න කැමති නෑ. අපි උත්සහ කරන්නේ කිසිකෙනෙක්ගෙන් ලැඛෙන්නේ නැති සමාජයක් බිහිකිරීමයි. ඉස්සර ජනාධිපතිවරු රට යනකොට 300ක් විතර වෙනම ප්ලේන් එකේ යනවා. සමහරු බොන බීම එක වක්කරලා දෙන්න යනවා. අපේ ඉන්න ජනාධිපතිතුමා බොහොම සරලයි. බෑග් එක ගත්තා කිසි කතාවක් නැතුව 10 දෙනෙක් එක්ක විතර සාමාන්‍ය මගීන් යන යානයක යනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ අවුරුදු දෙකේ පාඩු ලැබුවේ අපිද. ඒවා ගැන කිසිකෙනෙක් කතාකරන්නේ නෑ. රුවන්පුර අධිවේගි මාර්ගයෙන් අපි ඉක්මණින් වැඩ ආරම්භ කරනවා. අනපේක්ෂිත වියදම්වලට මුහුණ දෙන්න වුණ නිසා ගැටළු කිහිපයක් මතුවුණා. 3000න් කරන්න තියෙන වැඩේට ලක්ෂ 9ක් නම මේ ආණ්ඩුව වැය කරන්නේ නෑ. කවුරු මොන දේ කිව්වත් ඕනි කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන් කටේ පළලක් දිගක් නැති නිසා.

මේ රජයේ අඩුපාඩුකම් ඇති. එකපාරම නිවැරදි කරන්න ගියොත් ගොඩක් අය කණෙන් ඇඳලා එළියට දාන්න වෙයි. එතකොට කියනවේ දේශපාලන පළිගැනීම් කියලා. දේශපාලන පළිගැනීම් කරනවා නම් මීට වඩා ලොකු විනාශයක් වෙනවා. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අවුරුදු 20ක් දුක් වින්දා. මොන තරම් නැතිබැරිකම් තිබුණත් අපේ මනුස්සයෙකුට සමෘද්ධියවත් හදාගන්න බැරිවුණා. ඒ කාලයේ රස්සාවක් ගන්න බලපු එකම සුදුසුකම තමයි දේශපාලනය.

සමහරු කියනවා කෝ හොරු ඇල්ලූවද කියලා. ඒක එකපාරම කරන්න බෑ. මේ හොරකම් කරපු සල්ලි ගොඩක් තියෙන්නේ විදේශ රටවල බැංකුවල. ඒ සඳහා අවශ්‍ය අවසර අපි ඒ රජයන්ගෙන් ගන්න ඕනි. මේ රටට ඇවිත් අපි බැංකුවලට අතදාන්න දෙන්නේ නෑනේ. මේ වෙනකොට මූල්‍ය අපරාධ කොට්ඨාශය ඒ වංචාවලට නඩුදාන්න සූදානමින් ඉන්නවා. ඒ හැම කෙනෙක් සම්බන්ධයෙන්ම නඩු කි්‍රයාත්මක වෙනවා. ඇතමුන් හිතාගෙන ඉන්නේ අධිකරණයට ඇගිලි ගහන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයගේ කාලයේ වගේ පුළුවන් කියලා. රටේ නීතියට අපි හිස නමන්න ඕනි. 2005-2015 වෙනකම් මේ රටේ තිබුණේ ගෝති්‍රක ආණ්ඩුවක් හා ජනාධිපතිවරයෙක්.

අපිට කාලය වැදගත්. නමුත් මේ දේවල් කරන්න අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. පාසල් අධ්‍යාපනය තුළම අද ආකල්පමය වෙනසක් ඇතිකරන්න ඕනි. අගමැතිතුමා මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා පන්සල් ගණනාවකට උපකාර කරගෙන යනවා. අපි ධර්මයත් එක්ක දේශපාලනය කරන්නේ නෑ. මහනායක ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් අරන් මේ රට හරි මාර්ගයක ගෙනියනවා අපි. ස්වාමීන් වහන්සේලා දේශපාලනයට එක් කරගෙන දේශපාලන බලපෑම විතරක් රැකගන්න උත්සහ කරන්නේ නෑ. අද බෞද්ධකම ගැන කතාකරන අයට පහුගිය කාලේ ඒක අමතක වෙලා තිබුණා. බේබිලා දළදා මාළිගාව ඉස්සරහා රේස් පදිනකොට කාටවත් ඒවා මතක් වුනේ නෑ. අපේ ජනාධිපතිතුමා නිතරම ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ගන්නවා. අපි දේශපාලන වාසිගන්න, බංකොලොත් බව නැතිකරගන්න ආගම භාවිතා කරන්නේ නෑ.˜ යනුවෙන් ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාවට රත්නපුර දිස්ති්‍රක් පාර්ලිමේන්තු මන්තී්‍ර ඒ. ඒ. විෙජ්තුංග, මහනුවර දිස්ති්‍රක් පාර්ලිමේන්තු මන්ති්‍ර මයන්ත දිසානායක, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති දේශබන්දු විෙජ්රත්න දේවගෙදර, රත්නපුර දිස්ති්‍රක් ලේකම් මානෙල් ලොකුපෝතාගම, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි ධම්මික මහීපාල, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශිය කළමණාකරු බර්ටි පද්මරාජ යන මහත්ම මහත්මීන්ද සහභාගී විය.

scroll to top