අද බුදු දහමේ විකාරරූපී වීමට බලපා ඇති සමාජ පරිහානිය

බුදුරදුන් ජීවමාන කාලයේ දී බුදු දහම කුමන ස්වරූපයෙන් පැවතියේදැයි නිසැකවම දැන ගැනීමට ඔබත් මමත් කැමති වෙමු. නමුදු එකල විද්‍යාව හා තාක්ෂණය මෙකල මෙන් දියුණුව නොපැවතියේය. එබැවින් වීඩියෝ කර පටි ගත කර ඡායාරූප කර කල් තබා ගැනීමට හැකියාවක් නොතිබිණ. නමුදු එලෙසට විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමවේද භාවිතා කළ ද දළ වශයෙන් වසර දෙදහස් හයසීයයක පමණ කාල පරාසයක් එබඳු දේ රැක ගෙන පවත්වා ගැනීමටද හැකියාවක් තිබිය නොහැක. බුදු දහමේ පදනම සේ සැලකෙන අනිත්‍ය, දුක්ඛ හා අනත්ත යන ත්‍රිලක්ෂණ ධර්මතාව විද්‍යාව හා තාක්ෂණය යන දෙකටම එසේම පොදුය. එසේ නම් දැන් අපි දකින අසන හා වටහා ගන්නා බුදු දහමේ සිට අනුක්‍රමිකව ආපස්සට යමින් බුදුන් ජීවමාන කාලයේදී පැවති බුදු දහමේ හැඩය දක්වා උපකල්පනය කළහැකිද? එය සාර්ථකව කළ හැකිද නොඑසේ නම් නොහැකිද යන්න අවංකව මම නොදනිමි. මම ද තරුණ වියේ සිටම දශක ගණනාවක කාලයක සිට එලෙස කළ හැකිදැයි බොහෝ වෙහෙසක් දරා පර්යේෂණාත්මකව ශාස්ත්‍රීයව උත්සාහකර ඇත්තෙමි. එය තවම සාර්ථකව කර නිම කරගත හැකි නොවුවද එයින් ඉතා වටිනා වැදගත් අත්දැකීම් රැසක් මාහට ලබාගත හැකි වීම මම ජීවිතයේ ලැබු මහත් භාග්‍යයක් කොට සලකමි. මින් ඇතැම් අවස්ථාවලදී මට සමථ භාවනාව වඩා එහි ගැඹුරු මානසික තලවලට පිවිසීම පිණිස මානසික අභ්‍යාසවල නිරත වීමට අවස්ථාව ලැබිණ. තවත් විටෙක විවිධ ගුරුකුල කර්මස්ථානාචාර්වරුන්ගේ ප්‍රායෝගික භාවනා උපදෙස් ද විශුද්ධි මාර්ගය, පාලි විමුත්ති මග්ගය ආදී කර්මස්ථාන ගුරු අත්පොත්ද භාවිතා කරමින් විදර්ශනා භාවනාව වඩා එහි ගැඹුරු මානසික මට්ටම්වලට පිවිසිමට උචිත මානසික අභ්‍යාස ලැබීමට මට අවස්ථාව හා හැකියාව ලැබිණ. ඒ ඔස්සේ විදර්ශනා භාවනාව යනු කුමක්දැයි යන්න මෙන්ම මාර්ගඵල අවබෝධය ලෙස බුදු දහමේ සඳහන් වනුයේ කුමක්දැයි යම්තම් හෝ සුලු වැටහීමක් ලබා ගැනීමට හැකියාව ඇති විය. ඒ පිළිබඳව සම්පූර්ණ අවබෝධය ලබා ඇති බවක් මෙයින් නො හැඟවෙයි.

අවබෝධය ලැබීමේ දී වැදගත්ම දෙය නම් අවබෝධය ලැබීම පමණකි. අවබෝධය ලබා ඇතැයි යන සමාජ පිළිගැනීම අවබෝධයේදී කොහෙත්ම වැදගත් නැත. එලෙස සමාජ පිළිගැනීමක් පිළිබඳව කල්පනා වුවහොත් එය අවබෝධය ලබා නොමැති බවට ප්‍රධාන සාධකයක්ද වේ. අවබෝධය ඔබට අවශ්‍ය මන්ද? අනිත් අය අතර කැපී පෙනෙන පුද්ගලයෙක් වීමටද? එසේ නම් ඔබට කෙදිනකවත් කෙලෙස් ප්‍රහාණය කළ නොහැකිවනු ඇත. එබඳු බලාපොරොත්තු සියල්ලම එක්තරා ආකාරයක තණ්හාවේ ප්‍රභේදම වන බැවිනි. ක්ලේශවල ප්‍රධාන ලක්ෂණ තුනක් පිළිබඳව බුදුරදුන් දේශනා කර ඇත. එනම් ඇලීම හෙවත් රාගය, ගැටීම හෙවත් දෝසය හා මුවහ කරන ලක්ෂණය හෙවත් මෝහය යන තුනයි. මේ තුන ඇති වීමට බලපාන ප්‍රධාන එකම කාරණය නම් තණ්හාවයි. තණ්හාව ලෙස මෙහි විස්තර කර ඇත්තේ ෂඩ් ඉන්ද්‍රියන්වලට අරමුණුවන විෂය අරමුණු ස්පර්ශවීමේදී ඇතිවන වේදනා විඳීමට සිත තුළ ඇති වන ඇල්ම වේ. එම ඇල්ම හට ගනුයේ එම වේදනා ඇතිවීමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මුවාවූ වැටහීම නිසාය. මෙයට අවිද්‍යාව හෙවත් මෝහය නම් වේ. මේ අනුව විදර්ශනා භාවනාවේ ප්‍රධානතම කාරණය නම් මෙකී ඉන්ද්‍රීය ධර්ම හා එහි ක්‍රියාකාරීත්වය ත්‍රිලක්ෂණ ධර්මතාව අනුව විශ්ලේෂණය කර සිහිය හා නුවණ පිහිටුවා ගෙන සිදු කරන අඛණ්ඩ නිරීක්ෂණයයි. සත්‍යාවබෝධය සිදු වනුයේ මෙම අඛණ්ඩ නිරීක්ෂණය වඩ වඩාත් ගැඹුරු මානසික මට්ටම් වෙත ප්‍රවේශවීමේ දීය. මෙවැනි කටයුත්තක් සිදු කිරීමට අවශ්‍යවනුයේ අවංක උනන්දුව හා ඒ කෙරෙහි ඇති කැපවීම පමණකි. යමෙකුට තමන්ගේ බාහිර ස්වරූපය වෙනස් කිරීමට ඒ සඳහා අවශ්‍ය නොවේ. ඒ නිසාම මෙවැනි පර්යේෂණයක් සිදු කිරීමට අවශ්‍යතාව ඇති ඕනෑම අයෙකුට පුලුවන. ඒ පුද්ගලයාගේ ජාතිය කුලය ආගම, සමාජ මට්ටම ආදී සාධක කිසිවක් මේ සඳහා සැබවින්ම අවශ්‍ය නැත. විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේදයද මෙපරිදිය. නූතන විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණයක් සිදු කිරීමට සැබවින්ම කෙනෙකුගේ ආගම, ජාතිය, කුලය, ජන වර්ගය, සමාජ මට්ටම ආදී බාහිර සාධක වෙනස් කිරීමට අවශ්‍ය නොවේ. අවශ්‍යවනුයේ නිවැරදිව ඒ පර්යේෂණය සිදු කිරීම පමණකි. විදර්ශනා භාවනාව වඩා මාර්ගඵල අවබෝධ කිරීමද මීට සමානය. කෙනෙකුට බාහිර සාධක කිසිවක් වෙනස් නොකර අවංකව විදර්ශනා භාවනාව වැඩිය හැකිය.

දැන් දැන් මූලික බුදු දහමේ සඳහන් නොවූ වර්තමාන ගිහි පැවිද්දන්ගේ අත්තනෝමතික අදහස් ආකල්ප අනුවම හැදී ඇති විවිධ මනස්ගාත නම් විදර්ශනා භාවනා නාමයෙන් වර්තමාන සමාජයේ ප්‍රචලිතව ඇත. එබඳු විදර්ශනා භාවනා පංතිවලදී සෝවාන්, සකෘදාගාමී, අනාගාමී හා රහත් මාර්ගඵල සහතික පවා ප්‍රදානය කරන බව අසන්නට ලැබේ. අහෝ බුදු දහමකට ගිය කල. මෙපමණ එය වාණිජකරණය වී විනාශ වී යතැයි සිතන්නටත් පුලුවන්ද? නමුදු දැන් දැන් ඒ අසික්ශිත කටයුත්ත සිදුව ඇත. ඉදිරියටද මීටත් වඩා කිහිප ගුණයෙන් බලවත්ව ඒ කටයුත්ත සිදුවන ඇත. මාරයා නිතරම හරි දෙයට නොව වැරදි දෙයට උදව් කරයි. මේ සියල්ල පසුපසම සැබවින්ම මාර බලපෑම ඇත. සමහර දුස්සීල පැවිද්දෝ තමන් මාර්ගඵල ලාභී යැයි රහත්යැයි සම්මා සම්බුද්ධ යැයි ජන සන්නිවේදන මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින් වේගවත්ව සමාජ ගත කරමින් සිටිති. හරිනම් එබඳු අයට මාර්ගඵල නොව පැවිද්දේ සිටීමටද නොහැකි තරමට දුස්සීලය. නැති මාර්ගඵල ලාභයක් ඇතැයි ප්‍රදර්ශනය කිරීමේ සතර පාරාජිකා අතර එකක් වන උත්තරිමනුස්සධම්ම පාරාජිකාවට පැමිණීමකි. එනම් යම්කිසි භික්‌ෂුවක්‌ කෙලෙස්‌ නැතිකරන, පිරිසිදු ඥනය ඇති බුදුපසේ බුදු , මහ රහත් කියන ආර්ය උතුමන් ලබා ඇති එම මග ඵල තමන් නොලබා, ඒවා තමන් තුළ ඇතැයි ලාභ ප්‍රයෝජන ලැබීමේ අදහසින් ප්‍රකාශ කරයි නම්, එබඳු භික්‌ෂුව උත්තරිමනුස්සධම්ම පාරාජිකාපත්තියට පත්වෙයි. රූපාවචර ධ්‍යාන පහ, අරූපාවචර ධ්‍යාන හතර, ලෝකෝත්තර මාර්ග හතර, ලෝකෝත්තර ඵල හතර, ත්‍රිවිද්‍යා, අෂ්ට විද්‍යා, නීවරණ නැති බව යන මේවා ‘උත්තරිමනුස්‌සධම්ම’ වශයෙන් සැලකෙයි. උපසම්පදා භික්‌ෂුවකට කෝටියන් සංවර සීලය ඇතත්, ඒ සියල්ල අතරෙන් සතර පාරාජිකා වනාහී ශීර්ෂය සමාන වෙයි. සත්ත්වයකුගේ හිස කඳින් වෙන් වුවහොත් එයින් මරණයට පත්වී ජීවිතය අවසන් වෙයි. එමෙන්ම යම් උපසම්පදා භික්‌ෂුවක්‌ පාරාජිකාවට පත්වෙයි නම් ඔහුගේ උපසම්පදාව නිමාවට පත්වෙයි. හිස සුන් අයකුට නැවත ජීවිතය නොදිය හැකි මෙන් පාරාජිකා වූවකුට නැවත උපසම්පදා විය නොහැකිය. පාරාජිකා හැර අනෙකුත් ඇවැත්වලට පත් වුවද උපසම්පදාව අහෝසි නොවෙයි. ඔහුට විනය කර්මවලට සහභාගිවීමේ අයිතිය මෙන්ම සඟ සතු දේපළ පරිහරණය කිරීමේ අයිතියද, සංඝ ලාභ භුක්‌ති විඳීමේ අයිතියද අහිමි නොවේ. අනෙක්‌ ඇවැත් සිදුවුවහොත් ඇවැත් දෙසීම් ආදී විනය කර්ම මගින් පිරිසිදු විය හැකි වුවත්. පාරාජිකා වීමකදී කිසිදු ප්‍රතිකර්මක්‌ නැත.මෙහි ඇති බරපතළ බව නිසාම භික්‌ෂුවක්‌ උපසම්පදා වන අවස්‌ථාවේම සතර පාරාජිකාව පිsළිබඳ කියාදීමට විනය නීතියක්‌ පනවා තිබෙන බව ‘මහා වග්ග පාලියෙහි’ සඳහන් වෙයි. පාරාජිකාවට පත්වීම යමෙකුට පැවිද්ද අහිමි කිරීමට තරම් ලොකු බලවත් වරදක් වේ. පාරාජිකාවට පත්වූ භික්ෂූව මුලින් සිඳ දමන ලද තල් ගසක් යළිත් දළු නොදමන්නාක් පරිදි පැවිදි දිවියට අභව්‍ය පුද්ගලයෙක් වන පාරාජිකා පාලි නම් විනය ග්‍රන්ථයේදී බුදුරදුන් දේශනා කර ඇත.

උපසම්පදා භික්‌ෂුවක්‌ යනු අධි සීලයට පත් පැවිද්දෙකි. අනේක විධ ශික්‌ෂා පද ඇති උපසම්පදාව බොහෝ ආනිසංස ලැබෙන සීලයක්‌ වශයෙන් සැලකිය හැකිය. සීලය පිළිබඳ නොදන්නා උපසම්පදා භික්‌ෂුව තමන් රැකිය යුතු උපසම්පදාව රැකීමට අසමත් වෙයි. ඒ නිසාම හෙතෙම සීලයෙන් පිරිහෙයි. ඇතැම් විට පරාජිකාපත්තියට පත් වීමෙන් යළි යථා තත්ත්වයට පත් නොකළ හැකි අයුරෙන් පිරිහී යන්නේය. උපසම්පදාවේ ජීවය නොහොත් හරය වන්නේ පාරාජිකාවන්ගෙන් වැලකී විසීමයි. විනය නොදත් භික්‌ෂුව ශික්‌ෂා පද ගැන සැලකිලිමත් නොමැතිකමෙන් පාරාජිකාපත්තියට පැමිණිය හැකිය. යම් හෙයකින් නොදැනීමෙන් හෝ පාරාජිකාපත්තියට පත් වුවහොත් එම භික්‌ෂුවගේ උපසම්පදාව අහෝසි වෙයි. නොදැන සිදුවුවද පාරාජිකාව පාරාජිකාවක්‌මය. එයට කිසිදු ප්‍රතිකර්මයක්‌ නැත. යම් හෙයකින් පාරාජිකාපත්තියට පත් වුවහොත් නැවත ඔහුට උපසම්පදාව ලැබිය නොහැක. ඔහුට ඉතිරි වන්නේ ශ්‍රමණ වේශය පමණි. ඔහුට සාමණේරයකු වශයෙන් සිටිය හැක. එසේ නොමැති නම් උපැවිදි විය හැක. පාරාජිකා බවට පත්වීමෙන් පසු ඒ බව සඟවාගෙන, උපසම්පදා භික්‌ෂුවක්‌ වශයෙන් සංඝයා අතර සිටිමින්, විනය කර්මවලට සහභාගිවීම, සඟ සතු පන්සල් සෙනසුන් පරිභෝග කිරීම, සඟසතු භාණ්‌ඩ පරිහරණය කිරීම, සාංඝිකව ලැබෙන කොටස්‌ භුක්‌ති විඳීම බරපතළ වරදකි. තමන්ට අයිති නැති දෙය පරිභෝග කිරීම නිසා හෙතෙම සොරකු බවට පත්වෙයි. උපසම්පදා භික්‌ෂුවකට බලපාන පාරාජිකා සතරක්‌ ඇත. සාමණේරයන් වහන්සේලාට පාරාජිකා දහයක්‌ ඇත. ප්‍රාණ ඝාතය, අදත්තාදානය, මෛථුන සේවනය, බොරු කීම, මද්‍ය පානය, ත්‍රිවිධ රත්නයට පක්ෂපාතී නොවීම, මිසදිටු බව, භික්‌ෂුණියන් දූෂණය කිරීම යන කරුණු දහය එම පාරාජිකා දහයයි. මෙම ශික්‌ෂා පද කඩා ගන්නා සාමණේරයාගේ සරණාගමනය පටන් සියලු ශික්‌ෂා පද බිඳී යයි. ඔහුට ඉතිරිවන්නේ ශ්‍රමණ රූපය පමණකි. ඔහු වැරැදි පිළිගෙන නැවත පැවිද්ද ඉල්ලන්නේ නැවත පැවිදි කළ යුතුය. ඔහු යළි යළිත් වැරැදි කරන්නේ නම් සංඝයාගේ කැමැත්ත පරිදි නැවතත් පැවිදි බව ලබා දිය හැකිය. මිසදිටු අදහස්‌ ඇත්නම් එසේ නොකරන ලෙස අවවාද කළ යුතුය. එම අදහස්‌ අත් නොහරින්නේ නම් සිවුරු හරවා බැහැර කළ යුතුය. භික්‌ෂුණි දූෂණය බරපතළ වරදකි. එය කළ සාමණේරයාට නැවත පැවිද්ද හෝ උපසම්පදාව නොලැබිය හැකිය. පාරාජිකා වීම යනු පැවිද්දෙන්‌ පහ කළ යුතු තත්ත්වයට පත්වීමයි.

නමුත් කරන්නට කිසිම දෙයක් නැත. නූතන ජන සන්නිවේදන මාධ්‍ය ජාලාද පැන පැන උදව් කරන්නේද එබඳු දුස්සීලයන්ටමය. මන්ද එවායෙහි අධිපතියන්ද කුඩු ජාවාරම්කරුවන් ස්ත්‍රී දූෂකයන් පාතාල මැර කණ්ඩායම් හිමි කරුවන් ආදී අසත්පුරුෂයන්ම වන බැවිනි. කුණු එකතු වන්නේ කුණු ගොඩටමය. අද කාලේ නරක මිනිස්සු මනුෂ්‍ය ලොකේ අධිකව ඇත. මේ හේතුව නිසා අහිංසක වැදගත් සිල්වත් සත්‍යගරුක මිනිස්සු මේ සමජයේ ලෝකයේ කොන්ව ජීවත්වීමට සිදුව ඇත. සත්‍යගරුක මෙබඳු වැදගත් සත්පුරුෂයන් අද මේ ලොකේ උදව් කරන අය නැත්තටම නැති තරම්ය. ඇතොත් ඒ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් විය යුතුමය. නමුත් මාර බලපෑම නිසාම අසත්පුරුෂයන්ට අසත්පුරුෂ අධර්ම මාර්ගයට උදව්කරන අය මහ මුහුදේ දිය බිඳු ගණනට වැසි වැස ඇත. සමහරු සිට කාලයක් උදව් කර පසුව මඟ හැර යති. සමහරු උදව් කරන්නේම නැත. උදව් නොකරනම සිටින අයට එලෙස ටික කාලයක් හෝ උදව් කර පසුව මඟහැර යන හොඳ යැයි සිතේ. මීට පෙර මා කාලීන සමාජ විමර්ශන හා ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි ලියා ශ්‍රී ලංකාවේ සතිපතා හා දෛනිකව පළවන සෑම පුවත්පතකටම යැවූ අතර සතිපතා, දෛනික ලෙස මගේ ලිපි ඒවායේ පල විය. ඒ කිසිදු දැන හැඳුනුම්කමක් තිබී නොවේ. හුදු මගේ ලිපිවල ගැබ්වූ කාලීන බව සලකාය. මේ අනුව බුදු සරණ, බුදුමඟ, දිවයින, දිවයින ඉරිදා සංග්‍රහය, දිවයින සියපත අතිරේකය, සිළුමිණ, දිනමිණ රන්දිව ආදී විශාල පුවත්පත් සංඛ්‍යාවක මගේ ලිපි පළ විය. බුදු සරණ පුවත්පතේ පළවන සෑම ලිපියකටම රු 350/- වැනි මුදලක් ලැබිණ. අනිත් පුවත්පත්වලින් කිසිදු මුදලක් නොලැබිණ. නමුත් කල් ගතවීමේදී කිසියම් හේතුවක් නිසා මගේ ලිපි පලවීම අනුක්‍රමිකව අඩුවී ගියේය. දැන් මගේ ලිපි පලවනුයේ බුදු මඟ පුවත්පතේ පමණකි. නමුදු මම පෙරදා මෙන්ම ඉහත කී සෑම පුවත්පතකම ඇති සෑම අතිරේකයටම ලිපි යවමි. නමුදු අද්භූත හේතුවක් මත ඒ කිසිදු ලිපියක් පල නොවේ. කල්ගතවීමේ දී පර්යේෂණ ග්‍රන්ථ හා ලිපි ප්‍රමාණය ගණනින් අධිකවත්ම මගේ ලිවීමේ ප්‍රගතිය හා හැකියාව අනුක්‍රමිකව වඩවඩාත් මුවහත් විය. මා ලියූ හා ලියන ලිපි වඩාත් සාරගර්භ විය. පුවත්පත්වලට ඒවායේ හිමිකරුවන්ට විවිධ දේශපාලන න්‍යාය පත්‍ර තිබේ. ඒ නිසා සෑම පුවත්පතකටම හිමි යම් දේශපාලන අනන්‍යතාවයක් ඒවාට ඇත. මේ හේතුව නිසා එම පුවත්පත්වල පලවන සෑම විශේෂාංග ලිපියකම විවෘතව හෝ සැඟව ඉහත කී දේශපාලන අනන්‍යතාවය සෘජුව හෝ වක්‍රව ගැබ්ව පවතියි. එබැවින් ඉහත කී පුවත්පත්වල මගේ ලිපි පලවීම ක්‍රමික ලෙස අඩුවීමට හා පසුව පළනොවීමට හේතුව ඔවුන්ගේ ඉහත දක්වන ලද මතවාද සමඟ මගේ සත්‍යගරුක ලියවිලි රටාව ගැටීම විය හැකිය. වෙන විදිහකින් කිවහොත් පුවත්පත් ආයතන හිමිකරුවන්වන කුඩු මුදලාලිලාට හෝ මත් ද්‍රව්‍ය වෙළෙන්දන්ට හෝ වෙනයම් නීතිවිරෝධී ජාවාරම්කාර තැරැව්කාර මුදලාලිලාට අවශ්‍ය ආකාරයට අවශ්‍යවන ආකාරයට මා නොලීම ඒවායේ පළ වූ මගේ ලිපි නතරවීමට හේතුව බව මම හොඳන්ම වටහාගෙන සිටිමි.

වර්තමානය වන විට සන්නිවේදන තාක්ෂණය ඉතා වේගයෙන් දියුණු වීඇත.මෙවන් අවධියක ශ්‍රී ලංකාවේ සන්නිවේදන තලයේ ස්වහාවය කවරාකාරද යන්න විමර්ශනය වඩා යෝග්‍ය වේ. ශ්‍රි ලාංකීය සංවර්ධන මාධ්‍ය අතර පුවත්පත පාඨකයාට නැතුවම බැරි මාධ්‍ය වී හමාරය.ඵ් තත්වය ඵලදායීතාවයෙන් යුතුව ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මාධ්‍යවේදියා සුවිශේෂ කාර්යයක් ඉටුකරනු ලබන්නේය. නමුත් අද මේ දෙස බැලීමේදී මාධ්‍යවේදියා වගකීමෙන් යුක්තව තම කාර්යය ඉටු කරනු ලබන්නේද යන්න සැක සහිතය.ඵ් සදහා හේතුව කුමක්ද යන්න විමසීම් කළ හොත් මාධ්‍යය, විද්‍යුත් මාධ්‍ය මගින් ආක්‍රමණය කර ඇත.විශේෂයෙන්ම මුල් කාලයේ ගුවන් විදුලියත්,ඊට පසු කාලීනව රූපවාහිනියත් ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ පුවත්පත සතුව පැවති ස්ථානය සදහා තරඟයට ඉදිරිපත් විය.මේ කාරණාවන් හේතු කොට ගෙන පුවත්පත තුළ මාධ්‍යවේදියා තම යුතුකම් වගකීම් නිවැරදිව ක්‍රියාත්මක කරන බවක් දක්නට නොමැත. වගකීම් යන්න විශේෂිත මාතෘකාවක් බවට පත්ව ඇත. එබැවින් ඵ් පිළිබඳ මාර්ක් ටේවින් නැමති ගවේෂකයා ඔබ නිවැරදි යැයි සිතන දේ කරන්න යනුවෙන් ප්‍රකාශ කර ඇත. මෙහි පුවත්පත් කලාවේදීන් යමක් ප්‍රකාශට පත් කිරී‍මට පෙර තමන් නිවැරදිව කරනු ලබන්නේ දැයි සිතා බැලිය යුතු බව මොහු විසින් ප්‍රකාශ කර ඇත. මාධ්‍යවේදියාට රිසි පරිදි සිය පෑන හැසිරවීමට හැකි වූවද සීමාවන්ගෙන් ඈතට ගමන් නොකළ යුතු බව ප්‍රකාශයට පත් වේ. තමන් ජනතාවට ඉදිරිපත් කරන්නේ නිවැරදි කරුණු බව අවධාරණය කර ගත යුතුය. ඵහිදීත් අවංකව නිවැරදි තොරතුරු සන්නිවේදනයතුළ ස්වාභාවික විශ්වසනීය වූ මාධ්‍ය වාතාවරණයක් මතු කෙරේ. එසේම පුවත්පත් වාර්තාකරණයේ දී නිරවද්‍යතාවය (Accuracy) සමබරබව (Balance) නිරවුල් බව (Clarity) මඟින් විශ්වසනීයත්වය (Credibility) ගොඩ නැඟීමට මාධ්‍යවේදියාට හැකිවිය යුතු බව මොහු විසින් අවධාරණය කොට ඇත.මාධ්‍යකරුවකු මේ ක්‍රියාදාමයේ හැසිරෙනුයේ යම් සේද අනිවාර්යයෙන්ම වගකීම් අතර බැඳුනා වු මාධ්‍යකරණයක් මුදා හැරීමට ඔහුට හැකියාව ලැබෙනු ඇත. යම්යම් පුවත් වාර්තා කිරීමේ දී ඒවා තමන්ගේ හෝ තමා පක්ෂපාතීවන විවිධ පුද්ගල කණ්ඩායම්වල ආකල්පවලට අනුකූලව අර්ථකථනය නොකිරීමට තරම් ජන මාධ්‍යවේදීන් පරිස්සම් විය යුතුය.

මාධ්‍යය හරහා රටක් ජනතාව සෞභාග්‍යය කරා ගෙන යාමට හැකිය. තවද විනාශකාරී ප්‍රතිඵල කරා ගෙනයමින් අසහනකාරී තත්වයන් වර්ධනය කළ හැකිය.ඵබැවින් මාධ්‍යවේදියාට තම කාර්යය ඉතා සූක්ෂමව කළ යුතු වේ.ඵ් වගකීම යන සීමාවේ පිහිටාය. මෙ වූ වගකීම් හමුවේදී තමා ලියන්නාවූ වාර්තාව හෝ ලිපියෙහි සත්‍යතාව පිළිබදව හොඳ හැගීමක් පැවතිය යුතුය.රචනයේදී අනිවාර්යයෙන්ම සදාචාරය පිළිබදව සැළකිලිමත් විය යුතුය. පොදු ජන කැමැත්ත හා සදාචාරයට හානි විය හැකි දේ පළ කිරීමෙන් මෙන්ම සදාචාරය පහළ මට්ටමකට ඇද දමන ආකාරයේ කිසිවක් පළ නොකිරීම යහපත් මාධ්‍යවේදියාගේ වගකීමය.සෑම පුද්ගලයකුගේම ගරුත්වය කෙරෙහි පොදු ස්ථාන හා පොදු සිදුවීම් වගකීමක් සහිතව පළ කළ යුතුය.යම් කිසිවෙකුගේ පුද්ගලික ජීවිතය පිළිබදව මහජන යහපත පිණිස වන්නේ නම් මිස විවේචනය නොකළ යුතුය. අද පුවත්පත් තුළ මේ කාරනයෙන් බැහැරවූ තත්වයක් හදුනා ගත හැකිය.පුද්ගලිකත්වයට බලපෑම් කර චරිත විවේචනය තුළින් පාඨකයා තුළ විවිධ වූ ප්‍රතිරූපයන් මවන්නට තරම් අද මාධ්‍යවේදීන් පෙළඹෙනු ඇත.නමුත් අද මේ තත්වයන්ට මුහුණපෑමට සිදුව ඇත්තේ මුදල්,දේශපාලනය යන බලපෑම් හේතුවෙන් බව කිව යුතුය. තවද සමස්ථ මානව වර්ගයා තුළට වාර්ගික සමානතාවය සුහදතාවය හා සාමය ප්‍රවර්ධනය කිරීම සදහා ක්‍රියා කිරීම මාධ්‍ය වගකීමකි.මන්ද මාධ්‍යවේදියා යනු සමස්ථ ජනතාවගේ නිවැරදි මතය ඵකහෙලා ප්‍රකාශ කළ හැකි පුද්ගලයෙකු වන බැවිනි. නමුත් අද ජතිවාදය වර්ග වාදය ක්‍රමයෙන් පළ වන්නා වූ ප්‍රවෘත්ති,ලිපි දැක ගැනීම තුළ මෙය මාධ්‍ය වගකීමද යනුවෙන් සිතෙනු ඇත.මාධ්‍යවේදියා විසින් අද බහුලව වාර්තා කරනු ලබන අපරාධ,අපරාධ නඩු වලදී සැලකිලිමත් විය යුතුය.මන්ද වගකීම් පවතින්නා වූ හේතුවෙනි.

මේ තුළ මාධ්‍යවේදියා විසින් නොකළ යුතුය යන දේ බොහෝය.නමුත් ඵ්වා නිවැරදිව ඵ් ආකාරයෙන්ම අනුගමනය කරන්නේද යන්න සැක සහිතය. අපරාධ නඩුවකදී අද වරදකරු වයස අවුරුදු 18කට අඩු අයෙකු නම් ඔහු හෝ ඇය පිළිබද නම්, ගම්, ඡායාරූප තුළින් පළකිරීම පළපුරුදු මාධ්‍යවේදියකු විසින් සිදු නොකරයි.ඵවැන්නකදී වරදකරු නොදැනුවත් කමින් වරදක් කළේ නම් ඵය නිවැරදි කර ගන්නට පවතින ප්‍රවණතාවයට වඩා නැවත ඵ් වරදට යොමු කිරීමේ ප්‍රවණතාවය මේ හරහා වැඩි කරනු ඇත.ඵබැවින් වගකීම් හඳුනණ පළපුරුදු මාධ්‍යවේදියා මේ ක්‍රියාව සිදු නොකරනු ඇත.අද අපට පුවත්පත් ගත් කල්හි මෙබදු කාරනා පිළිබද සැළකිල්ලක් දක්වන බවක් නම් පෙනෙන්නට නැත. අපරාධ පිළිබද වාර්තාකරණයේදී නොසිතා නොබලා රචනා කරන්නාවූ අවස්ථා බහුලව හදුනාගත හැකිය. ඵහිදී ලිංගික අපරාධ ඉතා පහත් ලෙස රචනා වනු ඇත.ඵවැනි දේ අතර දූෂණයට ලක්වූ තරුණියන්ගේ ඡායාරූප, නම, ගම, සියල්ලම සදහන් කොට ලිපි පළ කිරීම දැක ගත හැකිය.ඵය මොන තරම් පහත් ක්‍රියාවක්ද ඵ්මතු නොව ඥාතීන් පිළිබද සදහන් කිරීම යනු අනවශ්‍ය පාර්ශවයක් මෙයට සම්භන්ධ කර ගැනීමකි.ඵ‍මෙන්ම මේ ලිපි වලදී සියලු සිද්ධි සිතේ මැවෙන ආකාරයට සටහන් කර තබන්නට තරම් මේ මාධ්‍යය වගකීම් පැහැරහරිනු දැකීම තුළ අපට මහත් කළකිරීමක් හට ගනු ඇත. පාඨකයාගේ මනස කුපිත කොට හැගීම් අවුළුවා අඩු මානසිකත්වයෙන් යුතු පිරිස් මීට තවත් යොමු කරවන්නට තරම් අද මාධ්‍යය පහත් තත්වයකට පත්ව ඇත.

මේ දෙස බලන කළ පෙනී යන්නේ මේ ලිපි,වාර්තා මාධ්‍ය ආයතනවල සංස්කාරක මණ්ඩලයේ ඇසට යොමු නොවී ප්‍රවීන වෘත්තීය පුවත්පත් කලාවේදීන් අතින් නොකැපී ප්‍රකාශයට පත්වන බවකි. ඵයින් ඔවුන් සතුව පවතින පරම බලාපොරොත්තුව වන්නේ තම පුවත්පත අලෙවි ප්‍රමාණය හමුවේ ලැබෙන මුදල් ප්‍රමාණය පමණි.මොනතරම් පහත් තත්වයක් අද මාධ්‍යය තුල පවතින්නේද යන්න අපට මේ තුළින් පැහැදිලි වනු ඇත.මාධ්‍යවේදියා යනු මා මුලින් සදහන්කළා මෙන් මහජන යහපත පාඨක සුබ සිද්ධිය වෙනුවෙන් කැප වූ පුද්ගලයෙකි.අයහපත් දෙයක් දුටහොත් ඵය පමනක් ප්‍රකාශයට පත් කිරීමට වග බලා ගනිති.අන්‍ අයෙකුගේ දෑ හෝ අදහස් සොරා නොගෙන වෘත්තීය ගෞරවය රැක ගනිමින් කාර්යය ඉටු කිරීමට මාර්ක් ටේවින් ප්‍රකාශකළ පරිදි නිවැරදි යැයි සිතන දේ පමණක් කරන්න. නමුත් තමා නිවැරදි යැයි සිතන දේ හරහා මානව යථාර්ථවාදී සත්‍යය ඵළිදක්වන්නට මාධ්‍යකරුවා අනිවාර්යයෙන්ම වගබලා ගත යුතුය. නමුත් යථාර්ථවාදී සත්‍යයෙන් බැහැරට ගිය මාධ්‍යය අද මුළු ලොව වසා පවතී. ප්‍රමාණාත්මක බවින් අසීමිත වූවද ගුණාත්මක බවින්පිරිපුන් නැත.මාධ්‍යවේදය දේශපාලන බලවතුන්ගේ හා ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයන්ගේ අතකොළු බවට පත්වීම හේතු කොට ගෙන ඔවුන් ඕනෑ ඵපාකම් ‍ගැසුණු මාධ්‍යයක් අපට අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ නිවැරදි වාර්තාකරණය හරහා සිදුවන සත්‍ය හෙළිදරව්වකි. ක්‍රි.ව. 1973 දී ශ්‍රි ලංකා‍ පුවත්පත් මණ්ඩලය නීතිය හදුන්වා දී මේ වන විට අවුරුදු විසිපහකකටත් ඉපැරණිය.ඵ් තුළ මාධ්‍යකරුවා ඉටුකළ යුතු වගකීම්, සදාචාරය, සීමා ආදී සියල්ලක්ම සාරසංග්‍රහව දක්වා ඇත.නමුත් ඵදා මෙදා තුර සීමා වලින් බැහැර වූ ලක්ෂණ කොතෙක් දුරට හමුවී ඇද්ද? ඵ් සදහා නියමිත ක්‍රියාමාර්ග නොගන්නේ මන්ද?ඵය ගැටලුවකි. වගකීමෙන් බැහැරට ගිය මාධ්‍ය පන්හිඳ සිඳලන්නේ අපේකම නොවන්නේද ඵසේ නම් මේ මොහොතේ පටන් හෝ නීතියට හිස ඔසවන්නට කල් යල් ඵළඔ ඇත.

දැන් මෙරට පවතින්නේ ශාස්ත්‍රීය ජන සන්නිවේදන මාධ්‍ය භාවිතයක් නොවේ. මත්ද්‍රව්‍ය, අවිආයුධ, ගණිකා ව්‍යාපාර ආදී විවිධ නීති විරෝධී ව්‍යාපාර ජාල හරහා උපයනු ලබන කළු සල්ලි යොදවා හුදු ව්‍යාපාරික අරමුණු පෙරදැරිකර ගනු ලැබී ජන සන්නිවේදන මාධ්‍ය සංස්කෘතියකි. දඟයුග, කලවා යුග්මය නිරාවරණය යන පරිදි සිය මාධ්‍ය ආයතන වල නිවේදිකාවන්ට හිරවූ කොට සායවල් අන්දවා ඒවා ප්‍රදර්ශනය වන ලෙස හිඳුවා ප්‍රවෘත්තී කීමට සලස්වා ඇත්තේ පිරිසිදු ජන මාධ්‍ය සංස්කෘතියක් මේ රටතුළ ඇතිකරවීමට නම් නොවේ. ලමා මනස දූෂ්‍යකොට ඔවුන්ට වැඩිහිටි ආශාවල්, හැඟීම්, ආකල්ප ඇතිවන අයුරින්ද ඒවා දකින වැඩිහිටි සිත්වල ජාගර කාමුක ආශාවන් ඉස්මතුව නැඟෙන පරිදිද විවිධ ළමා වැඩසටහන් නිෂ්පාදනය කර විකාශය කරනු ලබන්නේ ඔවුන්ගේ මූල්‍ය වුවමනා හැකිතාක් තෘප්ත කරගැනීම සලකාගෙනම පමණකි. මෙබඳු වැඩසටහන් නරඹන ප්‍රේක්ෂයන්ගේ ආශාවන් අවදිකර එමඟින් හැකි තාක් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කර මුදල් උපයා ගැනීම මෙබඳු රූපවාහිනි නාලිකාවල අභිප්‍රායයි. ඔවුන්ට ගුණධර්ම, සාරධර්ම ආදියෙහි කිසිදු තැකීමක් හෝ අවබෝධයක් නැත. ඔවුන්ගේ එකම ඉලක්කය හැකිතාක් සිය නාලිකාවේ රේටින්ග්ස් වැඩිකර ගෙන උපරිම ලාභයක් ඉන් උපයා ගැනීමයි. සමාජයෙන් ඔවුන් වෙත එල්ල වන දෝෂාරෝපණ අවම කර ගැනීම සඳහා ජාතික, ආගමික වැදගත්කමක් ගනු ලබන දිනවලදී ඒ වෙනුවෙන් සැකසූ කුමක් හෝ වැඩ සටහනක් ප්‍රචාර කර හරිමින් ඔවුන් වෙත එල්ල වන දෝෂාරෝපණ හා අවලාදවලින් බේරීම ඔවුන්ගේ උපක්‍රමයක් බවටද එමඟින්ද වෙළඳ දැන්වීම් විකුණා මුදල් හම්බ කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

එබඳු රූපවාහිනි නාලිකා ආගමික වැඩසටහන් නිෂ්පාදනය කරනුයේ ඒ පිළිබඳව නිසි අවබෝධයකින් තොරවය. ඒ බව එබඳු වැඩසටහන්වල ප්‍රමිතිය අනුව දැකගත හැකිය. බෞද්ධ වැඩසටහන්වලට ගෙන්වනු ලබන සම්පත්දායක ගිහි පැවිදි අය අදාළ විෂය ප්‍රමාණිකයන් හෝ විෂය විශේෂඥයන් නොවේ. ඔවුන් බාහිර සමාජයේ රූපය, කටහඬ ආදී බාහිර සාධක මත ජනප්‍රියව සිටීම මෙබඳු වැඩසටහන්වලට සම්පත්දායකයන් ලෙස ඔවුන්ව ගෙන්වා ගැනීමට එකම සාධකය කරගෙන ඇති ආකාරය දැකිය හැකිය. එමඟින් අදාළ බෞද්ධ වැඩසටහන් ඉතාම නීරස, නිසරු, කිසි ශාස්ත්‍

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

(මෙහි අඩංගු කරුණු මෙම ලිපියේ කර්තෘ ගේ අදහස් මිස විමසුම වෙබ් අඩවියේ අදහස් නොවන බව සැලකිය යුතුය.)

scroll to top