අත්‍යවශ්‍ය භාණ්ඩවල උපරිම සිල්ලර මිල නැවත ගැසට් කිරීමට නියමිතයි

Rishad-Bathiudeen.jpg

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පිලිබඳව පාර්ලිමේන්තුවේදී තම අදහස් දක්වමින්, කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා ජූලි 8 දින ප්‍රකාශ කලේ උපරිම සිල්ලර මිල නැවත ගැසට් කිරීමට නියමිත බවයි.

“මාගේ අමාත්‍යාංශය විසින් උපරිම සිල්ලර මිල නැවත ගැසට් කිරීමත් එකී මිල ගණන් පුවත්පත් වල හා විද්්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරිමත්, උපරිම සිල්ලර මිලට වඩා විකුණනු ලබන වෙළදසැල් වැටලීමටත් අපේක්ෂිතය” යනුවෙන් අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළා.

අමාත්‍ය බදියුදීන් මහතා ගේ පරිවර්තනය කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ

“අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් විම සම්බන්ධයෙන් මේ දින වල විශාල වශයෙන් කතා බහ කරන මාතෘකාවක් බවට පත්ව ඇත. මෙසේ ප්‍රෙද්ශයෙන් ප්‍රෙද්ශයට මිල වෙනස් වීම අතීතයේදීද සිදුවිය. එසේ වූයේ ඈත ප්‍රෙද්ශ වලට යන විට එයට ප්‍රවාහන වියදම් එකතු විමත් අතර මැදියන් විශාල සංඛ්‍යාවක් සම්බන්ධවිමත් නිසාය. නමුත් මෑතක සිට මෙසේ මිල වැඩිවිම සාමාන්‍ය ජනතාව දකින්නේ වැට් බදු වැඩිවීමේ අතුරු ඵලයක් ලෙසය. එම නිසා රටේ ජීවන වියදම පාලනය කිරීම සදහා මේ සම්බන්ධයෙන් ධනාත්මකව බලා ඉක්මන් පිළිතුරක් ලබා දිම අත්‍යවශ්‍ය වි ඇත.

මා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සදහන් කල යුතු කරුණක් වන්නේ යම් සීමිත භාණ්ඩ වර්ග කිහිපයක් සදහා වැට් බදු අය කලත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සදහා වැට් බදු අය නොකරන බවයි. විශේෂයෙන්ම හාල්, සීනි, පරිප්පු, බී ඵණු, අර්තපල්, රතු ඵණු, කිරිපිටි, තිරිගු පිටි, වියලි මිරිස්, මුං ඇට, කඩල, සැමන්, හාල් මැස්සෝ, කුකුල් මස්, ඹෟෂධ වර්ග මේ අතර වේ. විශේෂයෙන්ම මා කිව යුතුයි සතොස වෙළදසැල් වල වැට් නොමැති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විකුණනු ලබයි.

මේ අවස්ථාවේදී අවධාරණය කලයුතු කරුණක් වන්නේ වැට් නොමැති භාණ්ඩ වල මිල අඩු වියයුතු බවයි. නමුත් තායිලන්තයෙන් ගෙන්වනු ලබන හොදම වර්ගයේ හාල්මැස්සෝ සතොස වෙළදසැල්වල රුපියල් 530/- විකුණනු ලබන අතර එම හාල්මැස්සෝම සාමාන්‍ය වෙළදපොලෙහි රුපියල් 700/- ක් 850/- අතර මිදලකට විකුණනු ලබයි. එසේම දුර පලාත් වලට වනවිට අතර මැදියන් වැඩි වන නිසා රුපියල් 900/- ක් දක්වා මුදලකට අලෙවි කරනු ලබයි. නමුත් මා මේ අවස්ථාව්දි කිවයුතු වන්නේ මෙසේ මිල වැඩි වුවත් හාල්මැස්සෝ සදහා VAT බද්දක් නොමැති බවයි. මෙය පාලනය කිරීමට නම් මිල ගණනය කිරීම සදහා පාරිභෝගික අධිකාරියෙන් යොදා ගනු ලබන මිල සූත්‍රය නැවතත් පාරිභෝගික ජනතාව වෙත ඉදිරිපත් කිරීමත්, මිල සම්බන්ධයෙන් නිරන්තරයෙන් පසුවිපරම් කිරීමත්, මිල අධිකව විකුණනු ලබන වෙළෙන්දන් ඇල්ලීමත් දිස්ත්‍රික් පුරා ක්‍රියාත්මක කල යුතුය. මේ සදහා මාගේ අමාත්‍යාංශය විසින් උපරිම සිල්ලර මිල නැවත ගැසට් කිරීමත් එකී මිල ගණන් පුවත්පත් වල හා විද්්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරිමත්, උපරිම සිල්ලර මිලට වඩා විකුණනු ලබන වෙළදසැල් වැටලීමටත් අපේක්ෂිතය. ඒ අනුව ඉදිරියේදී සතියකට දෙවාරයක් මාධ්‍ය මගින් මිල ගණන් පිළබදව පාරිභෝගිකයා දැනුවත් කිරීමට නියමිතය.

එසේම උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිල ගණන් වලට භාණ්ඩ විකුණන වෙළදුන් සම්බන්ධයෙන් ඕනෑම අයකුට පාරිභෝගික අධිකාරිය හෝ එහි දිස්ත්‍රික් කාර්්‍යාල දැනුවත් කල හැකි අතර ක්ෂණික ඇමතුම් අංක. 1977 යටතේ දුරකථනයෙන්ද දැනුවත් කල හැක.

එසේම අයවැය කථාවේදී ඉදිරිපත් කල පරිදි හා ගරු අග්‍රාමාත්‍යතුමා විසින් මුලසුන ගත් ජීවන වියදම් කමිටුවේදී තීරණය කල පරිදි රජය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන සීනි, පරිප්පු, බී ඵණු, අර්තපල්, කිරිපිටි, වියලි මිරිස්, සැමන්, හාල් මැස්සෝ වැනි ද්‍රව්‍ය සදහා අවශ්‍යවන්නේ නම් සහන මිලක් ලබාදීමට නියමිතය. එසේම රජය විසින් දැනටමත් සැමන් හා කිරිපිටි වැනි අත්‍යවශ්‍ය ආහාර සදහා සහන මිලක් හදුන්වා දී ඇත.

එසේම පාරිභොගික අධිකාරියේ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා වු අතර එහිදී අතිරේකව උපාධිදාරීන් 100 බදවා ගැනීමටද තීරණය විය. එසේම උපරිම සිල්ලර මිල පරික්ෂා කිරීම සදහා ජේ්‍යෂ්ඨ අමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් යුතු කමිටු දිස්ත්‍රික් වශයෙන් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා විය.

ඊට අමතරව මිල පාලනය කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා දැනට තිබෙන සතොස වෙළදසැල් සංඛ්‍යාව වන 319 මේ වසර අවසාන වනවිට 500 දක්වා ව්‍යාප්ත කිරීමටත් අපේක්ෂිතය. මෙමගින් රටේ සෑම ප්‍රදේශයකම අත්‍යවශ්‍ය ආහාර ලබාදීම තහවුරු කිරීමටත් අපේක්ෂිතය.

එසේම සෑම සතියකම අගහරුවාදා දින ජීවන වියදම් කමිටුව රැස්වීමටත් එකී කමිටු වාර්ථාව එතුමාට ඉදිරිපත් කිරීමටත් ගරු අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබාදෙන ලදී. ඒ අනුව මා තරයේ විශ්වාස කරනවා මේ ක්‍රියාවලිය මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පාලනයක් ඇතිවන බවත් සාධාරණ මිලක් සහිත භාණ්ඩයක් සදහා ප්‍රෙව්ශයක් පාරිභෝගිකයන් වෙත ලැබෙන බවත්.”

scroll to top