අගමැති රනිල් ඉන්දුනීසියාවට

Ranil-Wickramasinghe-new.jpg

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) දින ඉන්දුනීසියාව බලා පිටත්ව යෑමට නියමිතය. ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන 12 වැනි ලෝක ඉස්ලාමීය ආර්ථික සමුළුවේ විශේෂ දේශනයක් සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඇරයුම් ලබා තිබේ.

මෙම සංචාරය අතරවාරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ, මුදල් ඇමතිනී ශ්‍රී මුල්යානි ඉන්ද්‍රවතී, සමුද්‍ර කටයුතු අමාත්‍ය ලුහුත් බින්සාර් පන්ජයිතාන් යන මහත්ම මහත්මීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

ඊට අමතරව මැලේසියානු, තජිකිස්තානු සහ ජෝර්දානු නායකයින්ද ඇතුළු සෙසු රාජ්‍ය නායකයින් සමඟද සාකච්ඡා කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, පස් අවුරැදු සැලසුම් ප්‍රධානී අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්ම මහත්මීන්ද මෙම සංචාරයට සහභාගි වේ.

scroll to top